Thursday, June 28, 2012

වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ - රාජාවලිය XIX



ගියවර රාජාවලිය ලිපිය අපි නතර කළේ ධාතුසේන රජතුමා (ක්‍රි. ව. 453 - 479) ලඟින්. ඔහුගේ අවසාන කාලය ඒ තරම් මිහිරි එකක් නෙවෙයි කියලත් අපි කිව්වනේ. අද අපි බලමු ඇයි එහෙම උනේ කියලා.

ධාතුසේන රජතුමාට හිටියා පුතුන් දෙදෙනෙක් සහ රූමත් දුවක්. මෙයින් වැඩිමල් කුමාරයා තමයි "කාශ්‍යප". ඒත් කාශ්‍යපගේ මව අග මෙහෙසිය නමෙයි. අග මෙහෙසියගෙන් ලැබුන පුතා තමයි "මුගලන්" කුමරු. (ධාතුසේන රජතුමාගේ මුල් බිසව ගෙන් කාශ්‍යප කුමරු ලැබුන බවත් ඇගේ මරණින් පසු සරණපාවා ගත් බිසව ගෙන් මුගලන් කුමරු ලැබුණු බවටත් මතයක් තියනවා. ඒවා ඉතින් එකිනෙකට වෙනස් මත). කොහොම උනත් රජකම නීත්‍යානුකුලව හිමි වෙන ලකුණු තිබුනේ මුගලන් කුමරුට.

මේ අතරේ ධාතුසේන රජතුමාගේ දියණිය සරණපාවා දෙනවා රජතුමාගේ සොයුරියගේ පුත් "මිගාර" ට. මිගාරත් ඔහුගේ මවත් රජ දියණියත්  අතර ඇති වෙන ගැටුමක් නිසා මිගාර විසින් රජුගේ දියණියට දඬුවම් කරනවා. මේ නිසා කුපිත වුනු ධාතුසේන රජතුමා මිගාරගේ මව එනම් තමන්ගේ සොයුරිය, වීදියක නිරුවත් කරලා ගිනි තබා මැරුව ලු. ඒකෙන් වෙන්නේ මිගාර, රජතුමා සමඟ වෛර බැඳ ගන්න එක. රජතුමාගෙන් පළිගන්න අවස්ථාවක් හොය හොයා ඉඳපු මිගාර දකිනවා රජ පවුලේ දුර්වල තැනක්...

ඒ තමයි කාශ්‍යප කුමාරයා.  නීත්‍යානුකුලව රජකම හිමි වෙන්න තිබුනේ මුගලන් ට නිසා කාශ්‍යප හරියට ඇවිලෙන්න බලාගෙන ඉන්න පිදුරු ගොඩක් වගේ කියලා මිගාරට තේරුණා. ඔහු කළේ පුංචි ගිනි සිළුවක් පිදුරු ගොඩට ලං කරන එක විතරයි. ධාතුසේන රජතුමා ළඟ අති විශාල ධනයක් සඟවලා තියනවා කියලා කාශ්‍යප උසි ගන්වපු මිගාර, කාශ්‍යපට රජ කම ලබාගන්න උදව් කරන්නත් පොරොන්දු උනා. 


ඉතින් කාශ්‍යප මොකද කළේ, සම්පුර්ණයෙන්ම මිගාරගේ බසට අවනත වෙලා සඟවපු වස්තුව ඉල්ලමින් රජතුමාට කරදර කරපු එක. මේ අතරෙදි මුගලන් කුමාරයාත් ආරක්ෂාව පතා ඉන්දියාවට යනවා. අන්තිමේදී ධාතුසේන රජතුමා කියනවා කාශ්‍යපට, වස්තුව දෙන්න කලා වැව ලඟට එක්ක යන්න කියලා. එතනට ගියාම කලා වැවට නැඹුරු වෙලා දිය දෝතක් අරගෙන රජතුමා කියනවා "මේ තමයි මගේ ළඟ තියන එකම වස්තුව" කියලා.

"බලන්න දෙටු පුත මේ දිය තලයම කෙත්වතු සාර කරන්නේ...
මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල් දිය කඳ වන්නේ"

මේක අහලා හොඳටම කුපිත වෙන කාශ්‍යප, රජතුමා ව වැව් බැම්මේ තියලා මැටි ගසා මරා දමන්න නියෝග කරනවා.

"සිටුවා පස් ගස්වා මා මැරුමට කවුරුද පුත සිත බින්දේ...
මගේ කලා වැව සදා රකිනු මැන අවුකන පිළිම සමින්දේ"

ඉතින් ධාතුසේන රජතුමාගේ මරණය ඔහුගේම පුතා අතින් සිද්ධ වෙන්නේ හරිම ශෝචනීය ආකාරයට. රජතුමා කලා වැව හදද්දී භාවනානුයෝගීව ඉඳපු රහතන් වහන්සේ කෙනෙක් සමාධිය බිඳලා එතනින් අයින් නොවුණු නිසා රහතුන් යට කර පස් දැමීමේ විපාකය පල දුන්නේ මේ විදියට කියලත් මතයක් තියනවා. කොහොම හරි රජකමත් කාශ්‍යප කුමාරයා විසින්ම පවරා ගන්නවා. ඉතින් මේ පීතෘඝාතක කාශ්‍යප රජතුමා කොයි මොහොතේ හෝ මුගලන් ගෙන් ඇති වෙන්න පුළුවන් ආක්‍රමණයක් ගැන සැකයෙන් තමයි ඉන්නේ.

ඒ නිසා කාශ්‍යප රජතුමා (ක්‍රි. ව. 479 - 497) සීගිරි පර්වතය (මේ වෙද්දීත් සීගිරිය බලකොටුවක් ව තිබුනා කියල තමයි කියන්නේ) වෙත ගොස් එහි සකලාංග සම්පූර්ණ රජ මාලිගාවක් සහ බලකොටුවක් කරවලා එහි වාසය කරනවා. මේ වෙලාවේදී සීගිරිය ගැනත් පොඩ්ඩක් නොකිව්වොත් හොඳ නැහැ නේ.

සීගිරියේ ඉතිහාසය රාවණා රජ දවස තරම් ඈතට විහිදෙන බව හුඟ දෙනෙක් විශ්වාස කරනවා. ඒ කාලයේ සීගිරිය හඳුන්වලා තියෙන්නේ "ආලකමන්දාව" යන නමින්. රාවණා රජු ගේ අර්ධ සොහොයුරෙකු වූ "කුවේර", ආලකමන්දාව වාස භවන කර ගත්තා ලු. ඉතින් ඊට ගොඩක් පස්සේ කාලෙක තමයි කාශ්‍යප රජතුමා ඒක වාස භවන කරගෙන තියෙන්නේ. සීගිරි චිත්‍ර, කුරුටු ගී, කැටපත් පවුර සහ ජල පද්ධතිය වගේ සීගිරිය ගැන කතා කරන්න ගොඩක් දේවල් තිබුනත් මේ රාජාවලිය ලිපි පෙළ පුරාවිද්‍යාත්මක පැත්තට වැඩි නැඹුරුවක් නැති නිසා ඒ ගැන වැඩි දුර කතා නොකර ඉන්නම්. ඒ ගැන තොරතුරු ඕනෑ තරම් ජාලගත වෙලා තියනවා කියලා හිතනවා.

ආපහු කතාවට එමුකො. ඉන්දියාවට ගියපු මුගලන් කුමාරයා සේනාවක් අරගෙන ආපහු එනවා කාශ්‍යප රජුට විරුද්ධව සටන් කරන්න. කාශ්‍යප රජතුමාත් සේනාව අරගෙන ඇතා පිටේ නැගලා පෙරමුණට ගියාලු. මේ ගමන් මාර්ගයේ තිබුණු විශාල මඩ වලක් හින්දා කාශ්‍යප රජතුමාගේ ඇතා ආපසු හැරෙනවා දැකපු සේනාව, රජු සටනින් පළා යනවා කියලා හිතලා ඔවුනුත් පළා යන්න ගත්තලු. සටනින් පරදින්න වෙන බව දැකපු කාශ්‍යප රජතුමා තමන් විසින්ම දිවි තොර කර ගත්තා කියල තමයි කියන්නේ.

ඉන් පස්සේ මුගලන් රජතුමා නැවත අනුරාධපුරයට රාජධානිය ගෙන ගොස් තම පියා මැරීමට හවුල් වූ අයට දඬුවම් දී, අවුරුදු 18 ක් (ක්‍රි. ව. 497 - 515) රට පාලනය කරනවා. 

103 comments:

  1. අද ලිපිය ගැන ගිය පාර ඉස්සෙල්ලම කිවුවේ මම.. මම තමා පන්තියේ හොද ළමයා.. ඉස්සෙල්ලම එන්නෙත් මම..

    මේ අපේ ඉතිහාසයේ ගොඩක් වැදහත් සංදිස්ථානයක්නේ.. තව කාලාන්තරයකට පවතින ඉතිහාසයේ වැදගත් මතකයක්...

    ReplyDelete
    Replies
    1. අපෝ දිනේෂ් මල්ලි අද 1 වෙන එක්කෙනාට දෙන තෑග්ග නොදැනද 1 වුනේ...
      දෙන්නේ තෑග්ග මේකලූ.. වැව් බැම්මේ තියලා මැටි ගසා මරා දමන්න නියෝග කරනවා ආයෙ එක නොවෙන්න...හිකිස්....
      (සිතමින්..හොද වෙලාවට මම පස්වෙනියා වුනේ)

      Delete
    2. ආ මේ හොඳම ළමයා කලින්ම ඇවිත් ඉන්නේ :) හි හි බට්ටි යෝජනා කරලා තියෙන්නේ මරු තෑග්ගක්. එච්චර එකක් දරුණු වැඩි නැද්ද ඈ?

      //තව කාලාන්තරයකට පවතින ඉතිහාසයේ වැදගත් මතකයක්//
      බොහොම හරි

      Delete
    3. හැමදාම පලවෙනියට තෑගි දෙන හන්දා අද තෑග්ග දෙන්නේ පස් වෙනියට ලූ.
      හ්ම්ම්ම්ම්...තෑග්ග නම් බට්ටි දූ කියලා තියෙනවා නේ.. ඒත් කවුද වාසනාවන්තයා...... ???

      Delete
    4. " සිටුවා පස් ගස්වා මා මැරුමට කවුරුද බට්ටිගේ සිත බින්දේ...
      ලබන වතාවේ එකම වනු මැන බට්ටි අක්කියේ මගේ.."

      Delete
    5. අප්පා කමෙන්ටුව ලබනට මං අද ආවේ
      විහිළුවටයි කොල්ලෝ මම එය කීවේ....

      Delete
  2. රාවණා රජු ගේ අර්ධ සොහොයුරෙකු වූ "කුවේර", ඒකිව්වෙ?

    ReplyDelete
    Replies
    1. රාවණා රජතුමාගේ පියා තමා විශ්‍රවස් මුනිවරයා. එයාගේ පළමු බිරිඳ වුණු ඉල්ලාවිලා දේවියගේ පුතා තමා කුවේර. දෙවෙනි බිරිඳගේ කේශිණීගේ පුතා තමා රාවණා

      Delete
    2. ඔහ් වරද මගේ. වචනේ පැහැදිලි කරලා නෑ නේ. අම්මා හෝ තාත්තාගෙන් එක්කෙනෙක් පමණක් ළමයින් දෙන්නෙක්ට පොදු නම් එයාලා අර්ධ සොහොයුරෝ. (කියලා තමයි මම හිතුවේ :)

      Delete
  3. සීගිරිය ගැන නම් කතා අහලා තියනවා. 'ආලකමන්දාව' කියලා අතීතයේ සීගිරියට කීව බවක් අහලා තිබුනේ නෑ.

    ධාතුසේන රජතුමාගේ අර රූමත් දියණියගේ නම දන්නවාද?

    ඉතිහාස පාඩම නම් හරිම රසවත් ටීචර්....:)

    ReplyDelete
    Replies
    1. අප්සරා කුමාරිහාමි

      Delete
    2. මෙයා දන්න ජාති....:)))

      Delete
    3. හිකිස්‌....

      සමහරු කියනවා එයාගේ නම සංඝා කියලා. සමහරු කියනවා වජිරා කියලා. අනේ මන්දා...මම ඉතින් එකක්වත් දැම්මේ නෑ.

      Delete
  4. බලන් ගියාම සයුරි අක්කට හොදට ඉතිහාසය කියල දෙන්නත් දන්නවනේ

    ReplyDelete
    Replies
    1. සිOහල බ්ලොග් ලෝකයේ ඇවිදින ඉතිහාස පොත් පිOච = සයුරි
      සිOහල බ්ලොග් ලෝකයේ ඇවිදින ඉතිහාස පොත = හසිත

      Delete
    2. සචිත් මල්ලි, හොඳට ඉගනගන්න පුළුවන් ළමයි ටිකකුත් ඉන්නවනේ මට :)

      සඳු : මෙයාටත් හිතෙන දේවල් :).....හපෝ මමනම් පොත් පින්චක්වත් නෙමෙයි...යන්තම් කුරුටු ගාපු කටු පොතක් විතරයි. :ඩි

      Delete
  5. අම්මෝ මේ රජතුමාලා කරපු දේවල් බලද්දි දැන් ඉන්න රජා හොදයිද මන්දා? දේන ටීචර්?
    ටීචර් අද ඉස්කෝලෙ එද්දි ලොකු ට්‍රැෆික් එකකට අහුවුනා. මම කිව්වා අපේ ඉතිහාසය ටීචර් බනීකියලා. ඒත් ඉතිං කරන්න දෙයක් නෑනේ...බට්ටි අද 5ලූ..අදත් තෑගි නැතිලූ..හී හී....

    ReplyDelete
    Replies
    1. //දැන් ඉන්න රජා හොදයිද මන්දා?// හිහි ඇත්ත තමා. අඩුගානේ පවුලටවත් සලකනවනේ නේද? 5 කියන්නේ නරක ගානක්යෑ අනේ....

      Delete
  6. අම්මෝ මාර ජජ්ජුරුවොනේ මෙයාලා :/

    ReplyDelete
  7. විශ්මිත නිර්මාණයක් ලෝකෙට දායාද කරපු කෙනෙක් මේ විදියට ආනන්තරීය පාපකර්මයකට හසුවීමනම් හරිම් ඛේදනීය කාරනයක්.

    //මේ අතරේ ධාතුසේන රජතුමාගේ දියණිය සරණපාවා දෙනවා රජතුමාගේ සොයුරියගේ පුත් "මිගාර" ට. මිගාරත් ඔහුගේ මවත් රජ දියණියත් අතර ඇති වෙන ගැටුමක් නිසා මිගාර විසින් රජුගේ දියණියට දඬුවම් කරනවා. මේ නිසා කුපිත වුනු ධාතුසේන රජතුමා මිගාරගේ මව එනම් තමන්ගේ සොයුරිය, වීදියක නිරුවත් කරලා ගිනි තබා මැරුව ලු//

    මේක දැනගත්තෙ අදයි අක්ක. බොහෝම ස්තූතියි

    සීගිරියෙ චිත්‍ර, වාරි තාක්ෂනය වගේ දේවල් ගැනත් මතක් නොකරම බෑනෙ මේ ගැන කතා කරනකොට

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඛේදනීයයි තමා සඳු මල්ලි. සීගිරියේ තාක්ෂණය ගැන ගොඩක් දේවල් තියනවා තමා කතා කරන්න. කලාව, සාහිත්‍ය, ඉතිහාසය, තාක්ෂණය මේ හැම පැත්තෙන්ම වැදගත් තැනක් තමා සීගිරිය. මගේ ප්‍රියතම තැනක් :)

      Delete
  8. මේ මිගාර සෙනෙවියා සහ කාශ්‍යප රජතුමා ගැන කියවෙන තවත් මතයක් තමා මේ දෙදෙනා ක්‍රිස්තු භක්තිකයන් වුණා කියන එක.

    ReplyDelete
    Replies
    1. හෑ...?

      මේකනම් ඇහුවමයි හසිත.
      මේ දෙවල් වෙන්නෙ අනුරාධපුර යුගයෙදි නේද?
      ල්oකාවට ක්‍රිතුදහම ලැබුනෙ අධිරාජ්‍යවාධීන්ගෙ ආගමනයත් එක්ක නේද?

      ඒ නිසා මට ඒක ටිකක් පැටලිලි සහගතයි.

      Delete
    2. @ සඳ

      1913 දී අනුරාධපුර ඇතුල් නුවර කැණීමකින් එවකට පුරාවිද්‍යා කොමසාරිස් අයර්ටන් විසින් කුරුසයක කැටයමක් තියෙන ගල් පුවරුවක් හොයාගෙන තියෙනවා.

      ඒ කුරුසය අයත් වෙන්නේ නෙස්ටෝරියන් සම්ප්‍රදායට. ක්‍රි.ව 386 - 451 අතර කාලයේ කොන්තන්තිනෝපලයේ ජීවත් වුණු නෙස්ටොරියස් කියන ආච් බිෂොප්වරයාගේ මූලිකත්වයෙන් ගොඩනැගුණු නෙස්ටෝරියන් නිකාය භාවිතා කළා කියන්නේ මේ කුරුසය.

      …ශ්‍රී ලංකාවෙන් හමුවුණු මේ නෙස්ටෝරියන් කුරුස සටහන ක්‍රි.ව 9 වැනි සියවසට අයිති කියලා තමා කාල නිර්ණය කරලා තියෙන්නේ.

      https://inkbeauty.files.wordpress.com/2012/05/nestorian20cross20-20002331.jpg

      Delete
    3. ආහ් මට කියන්න අමතක වුනා රාගම තේවත්ත බැසිලිකාවේ අනුරාධපුරයේ ඉදන්ම කිතුණුවන් ලංකාවේ හිටිය හැටි මූර්තිමත් කරලා තියෙන බව අහලා තියෙනවා වගේම ෆොටෝස් කීපයක් දවසක් දැක්කා. කවුරු හරි අපේ කිතුණු සහෘදයෙක්ට ඒක පැහැදිලි කරන්න පුලුවන් නම් හොඳයි

      Delete
    4. @ හසිත

      හ්ම්ම්... බොහෝම ස්තූතියි. මේව ඉතින් වෙන කාගෙන් අහගන්නද?

      ඉතිහාසය ගැනත් මටනම් ලොකු දැනීමක් නෑ. මුල් කාලෙ ඒ ප්‍රදේශ සමඟ වෙළඳ සබඳතා පැවැත්තුවට ලOකාවෙ කිතුනු දහම අදහපු අයත් හිටිය කියල දැනගෙන හිටියෙ නෑ

      අජසත්ත වගේම කාෂ්‍යපත් ආනන්තරීය පාපකර්මය නිසා ඇතිවෙච්ච කම්පනයෙන් එහෙම කරන්න ඇති නේද?

      Delete
    5. @ සඳ

      "අජසත්ත වගේම කාෂ්‍යපත් ආනන්තරීය පාපකර්මය නිසා ඇතිවෙච්ච කම්පනයෙන් එහෙම කරන්න ඇති නේද?"

      …මොකක් ගැනද මේ කියන්නේ ??

      Delete
    6. //රාගම තේවත්ත බැසිලිකාවේ අනුරාධපුරයේ ඉදන්ම කිතුණුවන් ලංකාවේ හිටිය හැටි මූර්තිමත් කරලා තියෙන බව අහලා තියෙනවා //

      මේ ගැන සෑහෙන්න වාද විවාද ඇතිවුනා.මම දැක්කා බුකියෙ ෂෙයාර් වුනු පොටෝ කීපයකුත් මම හිතන්නේ ඒ මූර්ති මෑත කාලීනව හදපුවා කියලා....

      //1913 දී අනුරාධපුර ඇතුල් නුවර කැණීමකින් එවකට පුරාවිද්‍යා කොමසාරිස් අයර්ටන් විසින් කුරුසයක කැටයමක් තියෙන ගල් පුවරුවක් හොයාගෙන තියෙනවා. //

      මෙහෙම දෙයක් මම අහලා නෑ.හැබැයි මේ දේ ගැන හොයන්න ආසා හිතුනා.1913 කියන්නේ සුද්දො රට අල්ලන් හිටිය කාලෙ නිසා ඒ කාලේ පුරාවිද්‍යාඥයෝ ගැන කතා කරලා වැඩක් නෑ කියලයි මම හිතන්නේ...

      බොහෝම ස්තූතියි තොරතුරුවලට.අද තමයි ඔයාගේ බ්ලොග් එකට අඩිය තිබ්බේ...

      Delete
    7. බුද්ධ කාළයේදි අජාසත්ත රජතුමා පීතෘඝාතකයෙක් උනාට පස්සෙ, බුදුන් වහන්සේ කියනවනෙ "සෝවන් වෙන්න තරම් හේතු සම්පත් අතිව හිටි අජාසත්ත පියා මැරීම නිසා ක්ෂණ සම්පත්තිය අහිමි කරගත්ත කියල". ඒකෙන් කම්පාවෙලා හිත හදාගන්න බැරිව අජාසත්ත වෙනත් ශාස්තෲන්වහන්සේ කෙනෙකුට (නිගන්ටනාතපුත්ත ද කියල හරියටම මතක නෑ) ලoවෙනව නේද?

      එවකට බුදුදහම හොඳින්ම මුල්බැසගෙන තිබුණු ලoකාවෙ රජු වෙලත් කාෂ්‍යපත් පීතෲඝාතකයෙක් උනාට පස්සෙත්, එහෙම කම්පා වෙල ක්‍රිස්තු ධර්මය වැලඳගත්තද දන්නෙ නෑ කියල කීවෙ. (ඒක මගෙ පුද්ගලික අදහසක් ඉදිරිපත් කිරීමක් පමණයී) ඇත්තම හේතුව දන්නෙ නැහැ

      Delete
    8. ඔහ් එහෙමත් කතාවක් තියනවද? මටත් ඒක ටිකක් විශ්වාස කරන්න අමාරුයි. වෙන්න බැරිත් නෑ.

      //.1913 කියන්නේ සුද්දො රට අල්ලන් හිටිය කාලෙ නිසා ඒ කාලේ පුරාවිද්‍යාඥයෝ ගැන කතා කරලා වැඩක් නෑ කියලයි මම හිතන්නේ...//
      මේ තියෙන්නේ පොයින්ට් එකක්. මේකනම් ඇත්ත තමා :) සුද්දන්ට ඕන විදියට පුරා විද්‍යාවත් වෙනස් කරන්න කිසිම බැරි කමක් තිබුනේ නැහැ නේ.

      අන්තිමට සඳු කියල තියන තර්කෙත් වැදගත් එකක්. බුද්ධාගම අනුව එයාට ගැලවීමක් නෑ කියලා පෙනුණාම එහෙම වෙන ආගමක් වැළඳ ගන්න එකත් ස්වාභාවිකයි.

      Delete
    9. //බුද්ධාගම අනුව එයාට ගැලවීමක් නෑ කියලා පෙනුණාම එහෙම වෙන ආගමක් වැළඳ ගන්න එකත් ස්වාභාවිකයි.// වෙනත් ආගම වලත් දන්නා විදියට ගලවිමක් නැහැ නේ ද?

      Delete
    10. @ ගැමියාගේ පත් ඉරුව, සයුරි

      …මේ කාලේ සුද්දෝ අපේ රට අල්ලගෙන හිටිය නිසා විශ්වාස කරන්න බැහැ කියලා කිව්වත් හැමදේටම ඒක අදාළ කරගන්න එක නම් අපරාධයක්. සුද්දෝ අතින් හැමදේම නිවැරදිව සිදු නොවුණා වෙන්න පුලුවන්.

      …ඒත් හැමදේම වැරදියට සිදු වුණේ නැහැ. ඒ වගේමයි පුරාවිද්‍යා ක්ෂේත්‍රයට පුරෝගාමී මෙහෙවර ඉටු කළේ ඔවුන් [දැන් කාට හරි කියන්න පුලුවන් සුද්දෝ එහෙම කළේ නිදන් හාරන්නත් කියලා :D] ඒ වගේමයි ජාතික කෞතුකාගාරයක් ආරම්භ කළෙත් ඔවුන්.

      …සුද්දන් අතින් වැරදියට අර්ථ කතනය කරපු තිබුණා නම් ඒවා නිවැරදි කරන්න පුලුවන්කම තිබුණානේ 1950 දශකයේ ඉදන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලාංකිකයන් අතේ නොවැ තිබුණේ.

      …ක්‍රිස්තියානි දහම රෝම අධිරාජ්‍යය පිළි ගැනීමකට ලක්වෙලා ක්‍රි.ව 393 ප්‍රධාන ආගම බවටත් පත්වුණත් ක්‍රි.ව ආරම්භයේ ඉදන්ම විවිධ බාධා මධ්‍යයේ කිතුණු දහම රෝම ප්‍රදේශවලින් පැතිර යමින් තිබුණේ.

      …ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටා තිබීමත් එක්ක මුහුදු සේද මාර්ගය පවා ලංකාව හරහා වැටිලා තිබුණා. ඒකේ එක කොනක් වුණේ කොන්ස්තන්තිනෝපලය. මුස්ලිම් ආක්‍රමණ වනතෙක්ම එහි හිටියේ ක්‍රිස්තියානීන්.

      …ශ්‍රී ලංකාව පවත්වපු ජාත්‍යන්තර වෙළෙඳ සබඳතාත් එක්ක සේද මාවතේ ඉදන් ආපු වෙළෙඳුන්ගෙන් බොහෝ දෙනා කිතුණුවන් කියලා හිතන්න පුලුවන්. ඒ අනුව මුහුදු බඩ ප්‍රදේශවල වගේම අනික් ප්‍රදේශවලත් කිසියම් ආකාරයකට කිතු දහම පැතිර තිබුණා වෙන්න පුලුවන්.

      …රටේ පාලකයා බෞද්ධ නිසා රටවැසියන් බෞද්ධ විය යුතුයි කියලා සම්ප්‍රදායක් ලංකාවේ තිබුනේ නැහැනේ. පණ්ඩුකාභය සමයේ ගොඩනගපු ගිරි කියන නිඝණ්ඨාරාමය බිඳ දමන්නේ දෙවනපෑතිස් සමයටත් වසර 200 කට පමණ පස්සේ.

      …ඒකෙන් පැහැදිලියි ලංකාවේ තිබුණු ආගමික සහනශීලීතාවය. ඒක නිසා අනුරාධපුර යුගයේ පටන් ලංකාවේ කිතුණු දහම තිබුණා කියන එක පසුකාලීන ඉංග්‍රීසින් විසින් එබ්බුව මතයක්ද කියලා නැවත වරක් හිතලා බලන්න ඕනේ.

      Delete
    11. @ සඳ

      …අජාසත් රජතුමා ඊට පස්සේ බුදු දහම අත හැරියේ නම් නැහැ. තමන්ට හැකි පමණින් බුදු දහමට අනුග්‍රහ කළා. පලවෙනි ධර්ම සංගායනාවට රජතුමා කරපු අනුග්‍රහය වගේම සර්වඥ ධාතු ආරක්ෂාවට රජතුමා කරපු මෙහෙම විශිෂ්ටයි. ඒ කොහොම නමුත් අජාසත් රජතුමාගෙන් වුණු පීතෲඝාතක පරපුර අවසන් වුණේ මුණ්ඩ රජතුමාගෙන්. ඒ හැමෝම පීතෲඝාතකයෝ.

      …කාශ්‍යප රජතුමාගේ සිද්ධියට ඔයා කරපු පැහැදිලි කිරීමෙන් මට මතක් වුනේ සීතාවක රාජසිංහ රජතුමා ශිව භක්තිකයෙක් වුණු කතාව. ඔබ ඉදිරිපත් කරපු අදහසත් වෙන්න බැරිකමක් නැහැ. ඒත් කිතුණු දහම තුළ මේ වගේ පව් සමාකිරීමක් කරන්න පුලුවන්ද කියලා හරී අයියාගෙන්වත් අහලා බලන්න ඕනේ.

      Delete
    12. //ඒකෙන් කම්පාවෙලා හිත හදාගන්න බැරිව අජාසත්ත වෙනත් ශාස්තෲන්වහන්සේ කෙනෙකුට (නිගන්ටනාතපුත්ත ද කියල හරියටම මතක නෑ) ලඔවෙනව නේද?//

      ඔහ්. පහන් යායෙ පාඨකයො හැමෝම මට දහස් වතාවක් සමාවෙන්න ඕනෙ.
      අජාසත්ත රජතුමා බුදුදහම අත් හැරියේ නෑ කියලනම් දැනගෙන හිටිය. ගොඩක් ලොකු සේවයක් කලා කියලත් දැනගෙන හිටිය. ඒත් මට ලොකු පටැලැවීමක් වෙලා. සීතාවක රාජසිOහ රජුගෙ කතාව තමයි හරි එක.

      @ හසිත,
      ඔබට අනේක වාරයක් පින් ඒක නිවැරදි කලාට

      @ සයුරි අක්ක අථුලු පහන් යාය පාඨකයන්
      මා අතින් ඉහත සිදුවී ඇති පටලැවීම පිළිබඳ අතිශයින්ම කනගාටු වෙමි. සමාව අයදිමි. වරද නිවැරදි කරමි. එයින් කිසිවෙකු නොමඟ නොයත්වා!!!

      Delete
    13. http://dreamsofharee.blogspot.com/2012/04/blog-post_25.html

      Delete
    14. ඕං පවු සමාව ගැන හරී ලියලා තියෙන දේවල්

      http://dreamsofharee.blogspot.com/2012/04/blog-post_25.html

      Delete
  9. හපොයි මෙහෙමවත් මේ කරුණු කාරණා කියවන්ට සැලැස්වීමම ලොකු දෙයක්.. ඉතිහාසය තමා මගේ අකමැතිම විශය ඒ කාලෙ, ඒ කාලෙ ඔන්න ඔය විදියට කතන්දරයක් වගේ කියල දුන්නනම් ඒ සබ්ජක්ට් එකටත් මං ඩී එකක් ගන්නවනෙ... :)

    ReplyDelete
    Replies
    1. හිහි...ඇත්තම කිව්වොත් ඉස්සර මටත් පේන්න බෑ නේ ඉතිහාසය. :) ඒ පොත් ටික නැති එකේ අඩුව දැන්නම් දැනෙනවා...

      Delete
  10. මේක බොහොම ප්‍රසිද්ධ ඉතිහාස කතාවක් නේද ? ධාතුසේන රජතුමාට දුවෙක් හිටි බවක් මම අහලම තිබුන්නෑ.. මම හිතන් හිටියේ අර අයියා මලෝ ඩබල විතරයි කියලා..

    අර සින්දුවටනම් මාත් හරිම මනාපයි..

    සීගිරිය කියන්නෙ තවමත් නොවිසඳුනු අභිරහස් තියන තැනක් මම හිතන්නෙ..

    ස්තූතියි සයුරිඔ මිස්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ සෙන්නයියා....ඔන්න පේනවා නේද දුවලට තියන තැන. හිහි
      ඔව්, සීගිරියේ අබිරහස් ගැන මේ ළඟදිත් පත්තර වල එහෙම ලිපි පල වෙලා තිබුනා. ඒවා ගැන වගකිව යුතු අය හොයනවනම් ගොඩක් හොඳයි...

      Delete
  11. //ධාතුසේන රජතුමා මිගාරගේ මව එනම් තමන්ගේ සොයුරිය, වීදියක නිරුවත් කරලා ගිනි තබා මැරුව ලු// බලන් ගියාම ධාතුසේන රජතුමත් එච්ච්රම හොඳ කෙනෙක් නෙවිනෙ..
    //රජතුමා කලා වැව හදද්දී භාවනානුයෝගීව ඉඳපු රහතන් වහන්සේ කෙනෙක් සමාධිය බිඳලා එතනින් අයින් නොවුණු නිසා රහතුන් යට කර පස් දැමීමේ විපාකය //මතක හැටියට රහතුන් මැරීම කියන්නේ ආනන්තරීය පාප කර්මයක් නේද?

    ReplyDelete
    Replies
    1. හොඳ මිනිස්සු රජ වෙන්නෑ තොටියො... රහත් වෙනවා මිසක්...

      Delete
    2. ඇත්ත තමා. ධාතුසේන රජතුමාත් ආනන්තරිය පාප කර්මයක් කරලා. සොහොයුරියට අච්චර දරුණු දඬුවමක් දීපු එකත් වැරදියි.

      //හොඳ මිනිස්සු රජ වෙන්නෑ තොටියො... රහත් වෙනවා මිසක්...//

      :))

      Delete
  12. අදත් නොදැනගෙන හිටි ගොඩක් දේවල් දැනගත්තා..
    ස්තුතියි සයු..

    එදත් අදත් රජවරුන්ගේ වෙනසක් නෑ..ඉතිහාසය ප්‍රතිනිර්මාණය වීම පමණයි..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ....හිස්ට්‍රි රිපීට්ස් කියනවනේ. වෙනසකට තියෙන්නේ දැන් රජවරු ඕවා කරන්නේ හීන් නූලෙන්

      Delete
  13. ධාතුසේන රජතුමාට දුවෙක් හිටිය කියල ඇහුවමයි....

    ReplyDelete
  14. //මේ නිසා කුපිත වුනු ධාතුසේන රජතුමා මිගාරගේ මව එනම් තමන්ගේ සොයුරිය, වීදියක නිරුවත් කරලා ගිනි තබා මැරුව ලු. //

    මෙන්න මේ ටික ඇහුවම පුදුම තරහක් ඇතිවුනා.තමන්ගේ සහෝදරියට මෙහෙම කරන්න තරම් දරුණු හිතක් තිබිලා තියෙනවනේ.මේ කතාව අදමයි ඇහුවේ අක්කේ

    //ඔහු කළේ පුංචි ගිනි සිළුවක් පිදුරු ගොඩට ලං කරන එක විතරයි. ධාතුසේන රජතුමා ළඟ අති විශාල ධනයක් සඟවලා තියනවා කියලා කාශ්‍යප උසි ගන්වපු මිගාර, කාශ්‍යපට රජ කම ලබාගන්න උදව් කරන්නත් පොරොන්දු උනා. //

    මිගාරගෙ බලපෑම ගැනත් මම දැනගත්තේ අද.බොහෝම වටිනවා සයුරි අක්කේ මේ ලිපි පෙල.... ඉතිහාසයේ වුනත් අපි නොදන්නා කොයිතරම් දේවල් තියෙනවද.... ජය වේවා අක්කේ... ඉතිහාසය විද්‍යාව කලාව ගැන ලස්සනට මේ බ්ලොග් එකේ ලියවෙනවා හරිම රසවත් විදියට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගැමි මල්ලියෝ.

      ඔව්, ධාතුසේන රජතුමාත් දරුණු වැඩ කරලා තියනවා. රජතුමා ගේ දුවගේ ඇඳුම් වල ලේ තිබුනලු මිගාර පහර දීපු නිසා. ඒක දැකලා රජතුමා මෙහෙම කරලා තියෙන්නේ. ඒකට මුල් වෙලා තියෙන්නේ මිගාර ගේ අම්මා ලු. මොනවා උනත් ඔහොම දඬුවමක් නම් දරුණු වැඩියි.

      Delete
  15. හැමදාමත් වගෙ සයුරි ටීචර්ගෙ දන්න ඉතිහාසයේ නොදන්න තැන් ස්පර්ශ කරපු පෝස්ටුවක්....

    හසිතගෙයි සයුරිගෙයි පෝස්ට් පාසැල් ළමුන් අතරට ගෙනියන්න ක්‍රමයක් තියෙනවනම් හොඳයි කියලමයි හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මී ගොඩයෝ :) පාසල් ලමයිනම් මේවට ආස වෙයිද කියලා මම දන්නේ නැහැ..

      Delete
  16. සා මේකනං නියම ඉතිහාස පෝස්ට් එකක්...
    රසවත් විදිහට ඉතිහාස කතාව ඉදිරිපත් කරාම කාටද කියවන්න අකමැති හිතෙන්නේ...
    ජයවේවා!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අබේ...:) මේ කමෙන්ට්ස් ලොකු හයියක් මට...ජය වේවා

      Delete
  17. ධාතුසේන රජතුමා ගැන වගේම රාවණා රජතුමා ගැන කථා කරද්දිත් අමතක කරන්නම බැරි තැනක් තමයි සීගිරිය.මේ ලිපිය රජ කෙනෙක් ගැන විතරක් නෙවෙයි ලස්සන පරණ සින්දුවක් ගැනත් මතකය අළුත් කරලා තියනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මමත් ඒ සින්දුවට ආසයි වර්ණ. දුක හිතෙන සින්දුවක්. ස්තුතියි

      Delete
  18. කාශ්‍යප රජතුමාට බනින්න එපා අනේ.මගෙ පා සටහන් වල "මේඝයන් මැද" නවකතාවෙ වීරයානෙ ඒ. ඉන්නකො මම මහාවංශෙට අභියෝග කරනව නවකතාවෙන්.
    (දැන් කට්ටිය මට බනින්න පටන් ගනීද දන්නෙ නෑ.)

    මම අහන්නෙ අසිත මල්ලි, සයුරි, සඳ, ඇයි මේ අපිට බැරි මහාවංශය ටිකක් අමතක කරලා කාශ්‍යප රජතුමා දිහා බලන්න??

    ReplyDelete
    Replies
    1. ඒකනෙ සිඳු.
      කාශ්‍යප ගැන හොඳ ටිකක් කතා කරන්නත් පුලුවන් ඉතිO සීගිරියෙ තියන දියුණු ජලමාර්ග පද්ධතිය ඇතුලු අනෙකුත් ඉදිකිරීම් ගැන කතාකලොත්.

      ඒත් ඉතිO ටීචර් බනී පාඩම වෙලාවෙ මාතෘකාවට පිටින් කයියගහනව කියල. සීගිරිය ගැන උගන්නන දාට ටීචර්ගෙනුයි, හසිත සර්ගෙනුයි තව මොනවහරි අහගමු කාශ්‍යප ගැන සතුටුදායක දේවල් ටිකක්.

      ~~~

      ඔයාට කාශ්‍යප කෙනෙක් ගැන හොඳක් කතා කරන්නෙ නැතුව නින්ද යන්නෙ නෑ නෑ වගෙනම් මෙන්න තියෙනව තවත් උණු උණු සාකච්චාවක් හසිත සර්ගෙන් කාශ්‍යප කෙනෙක් ගැනම.(හැබැයි රජෙක් ගැනනම් නෙවෙයී

      Delete
    2. @ සිඳු

      …අනිවාර්යයෙන්ම හිතන්න පුලුවන්. පීතෲඝාතක කියන කරුණ අමත කළොත් කාශ්‍යප කියන්නේ දක්ෂ පුද්ගලයෙක් බව පැහැදිලියි සීගිරිය වගේ ශේෂ කන්දක් තෝරගෙන ඒක තමන්ට ගැලපෙන විදිහට සකස් කරගත්තු එකෙන්

      Delete
    3. හරි හරි සිඳු කියන හින්දම අපි කාශ්‍යප රජතුමා දිහාත් බලමුකෝ. කාශ්‍යප වීරයෙක් තමා ඉතින්. හරියට ගොම බින්දුවක් වැටුණු කිරි කළයක් වගේ නේද? මාතෘකාවට පිටින් ඕන දෙයක් කතා කරන්ඩ ළමයිනේ :) හිහි

      Delete
  19. සීගිරියට "ආලකමන්දාව" කියලා කිව්ව බවක් මම දැනගෙන උන්නෙත් නෑ... ඉතින් බලන්නකෝ එච්චර දේවල් කරපු ධාතුසේන රජතුමාටත් එයාගෙම පුතෙක් අතින් මැරෙන්න සිද්ධ වුනානෙ..

    ReplyDelete
    Replies
    1. ඒක තමා. ධාතුසේන රජතුමාත් ලොකු පාප කර්ම කරලා තියනවනේ. ඉතින් ඒවා මේ අත්මෙදීම පල දුන්නද දන්නේ නෑ..

      Delete
  20. ඉතිහාසයේ පටන් රජකම ගත්තාම හැම රජෙකුටම අසීමිත බල පරාක්‍රමයක් ගොඩනැගෙනවා. ඒක අදටත් වලංගුයි. ඒ අසීමිත බලය සහ එය රැක ගැනීමේ ආහාව නිසා රජකම ආරක්ෂාකර ගැනිමට තමා අසල ඉන්න හොඳම මිතුරා වුණත් ඝාතනය කරන්න පෙළඹෙනවා. ඒක එදත් අදත් හෙටත් එහෙමයි.

    මොනව ළුුනත් ආනන්තරීය පාපකර්මයකට දඬුවම ඒ ආත්මයේදී ම පලදෙනවා.ඒක වලක්වන්න බැහැ. ඉතින් ධාතුසේන රජතුමාටත් ඒ ඓතිහාසික කර්මය පලදෙනවා. අන්තිමේදි තවත් ආනනතරීය පාපකර්මයක් කරගත්ත කාශ්‍යප කුමාරයත් ඒ විපාකයෙන්ම මිය යනවා.

    අසිමිත බලය පිළිබඳ ඇතිවන තන්හාව කාගෙ කාගේත් විනාශයට මුලයි.

    මම මේ කතාව දැනගෙන හිටියා. ඒත් මිගාරත් ඔහුගේ මවත් පිලිබඳ කතා පුවතත් කාශ්‍යප කුමාරයාගේ මරනය සිදුවුනු ආකාරයත් දැනගෙන හිටියේ නැහැ.

    මේ සමය වෙනකොට ලංකාවෙ බුදු දහම ටිකක් පසුබෑමක තිබුන නේද කියලත් මට පුද්ගලිකවම හිතෙනවා.හැබැයි ඒත් ධාතු සේන රජුගේ සමයේම ගල්වඩුවෙකු විසින් කලාවැව පා මුල අවුකන පිළිම වහන්සේ නෙළනවා.හැබැයි එතැනදිත් රජු පිලිබඳව සඳහන් වෙන්නෙ නැහැ. ගල්වඩුවා ගැන විතරයි සඳහන් වෙන්නේ.

    කොහොම වුණත් සයුරි මේ ඓතිහාසික මූලාශ්‍ර තෝරා බේරා වර්තමානයට ගෙනෙන එක නම් මහත්ඵල මහානිංසස ගෙන දෙන කාරණයක්. ඒවා සයුරි උපයාගන්නා පුණ්‍ය ශක්තීන් ලෙස රැස්වේවි.

    ඓතිහාසික රජරට "නුවර කලාවිය" මගේ පුණ්‍ය භූමිය ගැන මට වඩා හොඳට සයුරි දැනගෙන තියෙන එක නම් මටත් සතුටුයි.

    සයුරි මේ දරන වෙහෙස අපතේ යන්නෙ නෑ කිසිදිනෙක එයයි වටින්නෙ.

    ReplyDelete
    Replies
    1. //අසිමිත බලය පිළිබඳ ඇතිවන තන්හාව කාගෙ කාගේත් විනාශයට මුලයි.//
      මේ කතාවනම් ඇත්තම ඇත්ත.

      එහෙම බලනකොට ධාතුසේන, කාශ්‍යප දෙන්නටම ආනන්තරිය පාප කර්ම පල දීලා තියනවා.
      //ඒවා සයුරි උපයාගන්නා පුණ්‍ය ශක්තීන් ලෙස රැස්වේවි.//
      මේක ඇහුවම පුදුම සැනසීමක් දැනුනා :) මේකෙන් මට මොකක් හරි පිනක් ලැබෙනවානම් ඒ පින ඔබ හැමෝටමත් අයිතියි. මේවා ලියන්න මට හැමදාම වගේ දිරි දෙන ඔබ වගේ අය නැත්නම් මම මේවා ලියන එකකුත් නැහැ නේ.

      බොහොම ස්තුතියි :)

      Delete
  21. හැමදාම වගේ ලස්සන වටිනා ලිපියක් අක්කේ ;)))

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පුබුදු මල්ලි :)

      Delete
  22. සිගිරිය ගැන වගේම කාශ්‍යප රජතුමා ගැන කතා කරන්නත් ගොඩක් දේවල් තියනවා. සංවාදයක් ගොඩනැගුවනම් නියමයි.මම පුර්ණ සහයෝගය දෙනවා එහෙම උනොත් නම්. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඇපල් මල්ලී....ගොඩක් කරුණු නම් තියනවා. වැඩේ තියෙන්නේ වැඩි හරියක් සංවාද අන්තිම හරියට එද්දී "සං" කෑල්ල කැපිලා වාදයක් වෙන එක නේ :))

      Delete
  23. කිරියම්මේ .....ධාතුසේන රජතුමාට දූ කුමාරියක් හිටියැයි කියලා මම් අදමයි ඇහුවේ. ඔය දූ පොඩ්ඩ ගැන එච්චර සදහන් වෙන් නෑ මහිතේ..

    ධාතුසේන රජතුමා ගන කිව්වම මතක් උනේ ඉස්සර හතර වසරේ සිංහල පොතේ තිබ්බ මිගාර සෙනවියාගේ කතාව !!!
    ඔබතුමියට මතක ද ? ඔන්න අමතකයි කිව්වොත් දෙනවා ටොක්කක් හිල් වෙන්ට !!! :)

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      …4 පොතේ කතාවේ නම් හුඟක් තිබුණේ කාල කියන දරුවා වැව රැකගන්න කරපු වීර ක්‍රියාව ගැන නේද ??

      Delete
    2. හෝව් හෝව් ටොක්ක අනින්න කලින් කියල ඉන්නකෝ බලන්න ඒ කතාව...

      මටනම් මතක නෑ එහෙම එකක් මධුවෝ..

      Delete
    3. ඔය කියන්නෙ මිගාර සෙනෙවියගෙ පුතා කාල වැවේ සිදුරක් තියනවා දැකලා මුලු ‍රැයක්ම සිදුර අතින් වහගෙන වැව් බැම්ම බේර ගත්තා කියන කථාව.මේ හින්දා මේ වැව මුලින්ම කාල වැව වෙලා පස්සෙ කලා වැව වුනා කියලයි කියන්නෙ.

      Delete
    4. හරියට හරි වර්ණ

      Delete
    5. ඔය හසිත මලයයි වර්ණ මලයයි කියලා තියෙන්නේ කතාව !!!
      ඒ කියන්නේ අක්කට කතාව මතක නෑ....

      ඔහොම හිටු !!! කොහෙද දුවන්නේ !! මගෙන් දුවලා බේරෙන්ඩ හිතුවා මදී !!!
      මල්ලි !!! මේ පැත්තෙන් වරෝ... ආං සයුරි අක්කා දුවනෝ .... !!!

      Delete
    6. ඒ කියලා තියෙන්නේ කාල ගේ වීර ක්‍රියාව ගැන නේ. මිගාර සෙනෙවියා එහෙම නිර්භීත වැඩක් කරපු කෙනෙක් නෙමයි. හූ හූ මධූ ට පැටලිලා...හිහ් හිහ්

      Delete
    7. යන්ඩ යන්ඩ !!!
      කතාවත් මතක නෑ. හු හු :)

      Delete
    8. ඉතින් අනේ එහෙනම් ඔයාම කියන්නකෝ 4 වසර පොතේ තිබුණු මිගාර සෙනෙවියාගේ කතාව? :ඩි

      Delete
  24. කලාවැව හැදුවේ ධාතුසේන රජතුමා කියල දන්නවා, කාශ්‍යප රජතුමා සිගිරිය ගොඩනැගුව කියල දන්නවා. ඒත් ඒ දෙන්නා තාත්තයි පුථෞඉ කියන ඒක හරියටම මතක තිබුනේ නැහැ.

    කාශ්‍යප රජතුමා කරපු තවත් සේවා මොනවද රටේ දියුණුවට.

    ReplyDelete
    Replies
    1. // ඒත් ඒ දෙන්නා තාත්තයි පුථෞඉ කියන ඒක හරියටම මතක තිබුනේ නැහැ. //

      අනේ අනේ මේක දන්නේ නැති අයත් ඉන්නවා එහෙනම් :0 කමක් නෑ අද දැනගත්තා නේ :)

      Delete
    2. තාත්තගේ නම ධාතුසේන කියල අහල තිබුනත් කළා වැව හදපු ධාතුසේන රජතුමාම කියල දැනගෙන හිටියේ නැහැ. එක වගේ නම ගොඩාක් තිබුනා නේ.

      කාශ්‍යප රජතුමා කරපු තවත් සේවා මොනවද රටේ දියුණුවට.

      Delete
    3. රටේ දියුණුවට? ඇයි අප්පා, සීගිරිය හදලා ලෝකේ නමක් තියන්න උදව් දීපු එකම ඇති නේද? ඒ බලකොටුව හදලා තවත් මහා ලොකු දේවල් කරන්න එතුමාට වෙලාවක් තියෙන්න නැතුව ඇති :)

      Delete
  25. එදා ඉදලා අද දක්වාම රජවරු "බුද්ධාගමට" මුවාවුනා මිසක් "බුදුදහම" අන්තර්ග්‍රහණය කරගත්තෙ නෑ.(එක්කෙනෙක් දෙන්නෙක් හැර)
    දසරාජධර්මය යනු ඔවුන්ගේ පුස්තකාලවල පුස්කන පුස්ථකයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත කියලා මටත් හිතෙනවා...සිරි සඟ බෝ රජතුමා නම් එහෙම කලා නේද..

      Delete
  26. ධාතුසේන රජතුමාගි දෝණියැන්දා ගැන කියලා නෑනේ! මම මේ ඒ ගැන කියනකල් බලාගෙන හිටියෙ! නියමයි අක්කේ හොඳ සටහනක්!

    ReplyDelete
    Replies
    1. එයා ගැනත් ටිකක් ලිව්වා මල්ලි. දන්න විස්තර ටික තමයි ඒ. කොහොමත් දුවලා ගැන එච්චර ලියවිලා නෑ නේ ඉතිහාසේ...

      Delete
  27. කාශ්‍යයප රජතුමා දිහා බලන්න විදි දෙකක් තියනව. එකක් පීතෘ ඝාතක රජෙක් විදියට අනික ලෝකයේ අටවන පුදුමය ලංකාවේ බිහිකල කලා කාමී රජෙක් විදියට. මම කැමතියි දෙවන විදියට බලන්න. සයුරි ඔන්න ඔහෙ සීගිරි චිත්‍ර ගැනත් පෝස්ට් එකක් ලියන්න අනේ.

    ReplyDelete
    Replies
    1. දෙවැනි විදියට බලන්න මාත් කැමතියි රෝස කුමාරි. ඒත් ඉතින් ඉතිහාසේ කතාවක් විදියට කියද්දී මේ කැළල මග අරින්න බැරි වෙනවනේ. අපි ලියන්න බලමුකෝ සීගිරිය ගැනත්..

      Delete
  28. අදත් ගොඩාක් අලුත් කරුණු ඉගෙන ගත්තා...මම හරි ආසයි මේ පාඩම් වලට...
    ආ..මැටි ගහපු කතාව කීවාම මත් වු‍නේ....
    ඉස්සර අපේ කැම්පස් එකේ අක්කෙක් උන්නා...එයාට සාත්තරේකට කියලා ඉහත ආත්මෙක ධාතුසේන රජතුමාට මැටි ගහන්න එයත් හවුල් උනාය කියලා...මේ ආත්මෙ එයා ගිලිලා මැරෙනවාය කියලා...වතුරෙන් පරිස්සම් වෙන්න කීවාලූ...

    ReplyDelete
    Replies
    1. ඔහ්...ඒ අක්කා හරිම බයෙන් නේද ඇත්තේ? නිකමටවත් වතුරකට බහින්නේ නැතුව ඇති :) ස්තුතියි ධම්මි අක්කේ...

      Delete
  29. මට රාජාවලිය ලිපි කීපයක් මග ඇරිලා වගේ සයුරි..හෙමීට කියවගෙන ඇවිල්ලම කමෙන්ට් කරන්න ඕන..ඒත් මේකනම් කියෙව්වා..ඒ කාලෙත් දැනුත් රජවරුන්ට තියෙන්නෙ පුදුම බල තණ්හාවක් නෙවැ..

    ReplyDelete
    Replies
    1. සිත් රූ දැක්කේ කාලෙකින්. ලඟදි පෝස්ට් එකක් දැක්කෙත් නෑ. වැඩ වැඩි ඇති නේද. පස්සේ හිමිහිට කියවන්නකෝ..

      Delete
  30. //ධාතුසේන රජතුමාගේ මුල් බිසව ගෙන් කාශ්‍යප කුමරු ලැබුන බවත් ඇගේ මරණින් පසු සරණපාවා ගත් බිසව ගෙන් මුගලන් කුමරු ලැබුණු බවටත් මතයක් තියනවා// මමත් දැනගෙන හිටියේ ඔය විදිහට .නොදන්න දේවල් සෑහෙන්න දැනගත්තා මේ ලිපියෙන්

    ReplyDelete
    Replies
    1. ආ ඒ කියන්නේ ඒකත් ටිකක් ප්‍රසිද්ධ මතයක්...තැන්කු අවතාර මල්ලි

      Delete
  31. අන්තිම අයියෝ අදත්. :(

    කලා වැවෙන් වතුර ටිකක් බොන්නවත් දැන් වතුර නෑලු.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අන්තිම නෙමේ :)

      හ්ම්ම් වැව් හිඳිලා ලු නේද? :(

      Delete
  32. පරක්කු වෙලා ඇවිත් ගොඩක් දේ දැන ගත්ත . ඔයා මේක ලිව්ව එක හොඳයි . හසිතගේ පෝස්ට් එකකට එක කමෙන්ට් එකක් දාල තිබුන .කාශ්‍යප මහා රහතන් වහන්සේයි කාශ්‍යප රජතුමයි එක්කෙනෙක්ද කියල . ඒ කලේ කිතුදහම ගැන නම් මටත් අලුත් දෙයක් . ලංකාව තිබුනේ මුහුදු මාර්ගයේ වැදගත් තැනක නිසා මේක වෙන්න බැරිත් නැහැ . හැබැයි රජකෙනෙක් ආගමක් වැළඳ ගත්තම මෙයිට වඩා සාක්කි ඉතුරු කරනවා නේද . අඩු ගානේ සීගිරියේ උඩ ලොකු කුරුසයක් වත් ඉදිකරලා .

    ReplyDelete
    Replies
    1. කිසිම පරක්කුවක් නෑ අනේ :)

      //.කාශ්‍යප මහා රහතන් වහන්සේයි කාශ්‍යප රජතුමයි එක්කෙනෙක්ද කියල //

      හප්පේ :0 සමහර විට විහිලුවට අහන්න ඇති...

      Delete
    2. එහෙම එකක් මෙකෙ නෑ කාශ්‍යප කුමාරයා ඉන්න කොච්චර කාලයකකට කලින් ද කාශ්‍යප රහතන් වහන්සෙ වැඩ වාසය කරෙ

      Delete
  33. රෑජිනිගෙ රටේ කට්ටිය සීගිරියට කියන්නෙ "සින්හ ගල" කියලා.....

    ReplyDelete
    Replies
    1. ඈ...ඒකත් එහෙමද? එල කොල්ලා ඉන්නේ රැජින ගේ රටේ වගේ :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...