ඔයාල පොඩි කාලේ මෙහෙම ප්‍රශ්න අහල ඇතිනේ. නැතත් දැන් පොඩි එවුන් ඉන්න අයටනම් මෙහෙම ප්‍රශ්න දහයක්වත් එනවා ඇතිනේ දවසකට. (මෙතන "අම්මේ" කියලා නොලිය " තාත්තේ කියලා ලිව්වේ මමනම් පොඩි කාලේ ඔය වගේ බරපතල ප්‍රශ්න අහන්න ගොඩක් වෙලාවට තෝරගන්නේ තාත්තා හින්දා.)
දැන් ඉතින් දීපන්කෝ උත්තර...
ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් වර්ණාවලිය ගැන දැනගෙන ඉන්න ඕනා. කට්ටිය දන්නවනේ දේදුන්න ගැන. ඉස්සර අපි දේදුන්නේ පාට හත පාඩම් කරේ "රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉරක් දකී" කියලා.
ඕන් ඔය කියන පාට හතෙන් තමා සුදු ආලෝකය / හිරු එළිය නිර්මිත වෙලා තියෙන්නේ. පාට හත කිව්වට මේකට ඔය පීච් කලර්, අයිවරි ගෝල්ඩ්, ගොම කොළ අරක මේක සේරම අහු වෙනවා හරිද. ඒවා ඉතින් සංකලන. ඔන්න ඔය අපේ ඇහැට ගෝචර වෙන පාට ටික තමයි "ආලෝකයේ දෘශ්‍ය පරාසය" හැටියට හඳුන්වන්නේ. සිංහලෙන් කිව්වොත් "Visible Color Spectrum". ඔය තියෙන්නේ ඒක තමයි.
දැන් මේ තරංග එකිනෙකට වෙනස් වෙන්නේ ඒවායේ තරංග ආයාමයෙන් (මේක ඕලෙවල් වලටත් උගන්නන නිසා හැමෝටම තේරෙන්න ඕනේ :). වර්ණාවලියේ වමට වෙන්න තියන තරංගවල ආයාමය වැඩියි. දකුණට යන්න යන්න ආයාමය අඩු වෙනවා. බලන්නකො පහල පින්තුරේ පාරජම්බුල වල ආයාමය අනෙක්වට වඩා අඩුයි.
ඔන්න ඔය වගේ එකිනෙකට වෙනස් තරංග ආයාමයන් අඩංගුයි හිරු එළියේ. දැන් ඉතින් හිරු එළිය ඉහල වායු ගෝලයේ තියන ඉතා කුඩා අංශු අතරෙන් පෙරිලා පොලව දිහාවට එද්දී, මේ තරංග අර අංශුවල ගැටිලා විසිරෙන්න ගන්නවා. එහෙම වෙද්දී වැඩිපුරම විසිරීමේ හැකියාවක් තියෙන්නේ තරංග ආයාමය වැඩි කිරණ වලට. ඒ කිව්වේ දෘශ්‍ය පරාසයේ තරංග ගැන හිතුවොත් දකුණට වෙන්න තියන පාට වලට (නිල් සහ දම් වැනි).
එහෙම වඩාත් හොඳින් විසිරෙන තරංග වල පාටින් අපට අහස පෙනෙන එක පුදුමයක් නෙමෙයි නේද? හැබැයි බුද්ධිමත් පොඩි එකෙක්නම් ඔතනින් නවතින්නේ නැතුව තව ප්‍රශ්නයක් අහනවා.
එතකොට දම් පාට තියෙන්නේ නිල් පාටට වඩා දකුණෙන් නේ. ඉතින් ඇයි අපිට අහස දම් පාටට පේන්නේ නැත්තේ?
ඕවට පහු බහින්න එපා. මෙන්න උත්තරේ...
ඒකට හේතුව තමයි අපේ ඇහැ.
මිනිස් ඇසේ තියන දෘෂ්ටි විතානයේ අඩංගු වෙන කෝණාකාර සෛල (මේවට කියන නම මතක් කරගන්න හැදුවට හරි ගියේ නෑ) තමයි අපිට පේන පාට ගැන වගකියන්නේ. මිලියන පහක් පමණ වෙච්ච මේ කෝණාකාර සෛල කොටස් තුනකට බෙදෙනවා. එක එක වර්ණ පරාසයන් අඳුරා ගැනීම සඳහා ඒ සෛල කොටස් ක්‍රියා කරනවා. ඇතැම් අවස්ථාවල මේ සෛල පරාසයන් සමපාත වෙන වෙලාවලුත් තියනවා. ඒ වගේ වෙලාවට වර්ණ සංකලනයක් උනත් පේන්නේ තනි පාටක් හැටියට. ඉතින් අහස දිහා බැලුවම අපේ ඇහැට එන ආලෝකයේ අඩංගු වෙන නිල් දම් වර්ණ සංකලනයත් අපේ ඇහැ ගෝචර කර ගන්නේ අර විදියේ සමපාත වෙච්ච සෛල වලින්. ඒක අපේ ඇහැට පේන්නේ තනි ලා නිල් පාටක් හැටියට. එහෙම නැත්නම් "අහස් නිල" හැටියට.
තේරුනාද මන්දා.
නැත්නම් මෙහෙම වැඩක්වත් කරලා බේරෙන්න බලන්ට ඉතින්...පොඩි එකා ඔය ප්‍රශ්නේ ඇහුවම ආපහු මෙන්න මෙහෙම අහන්න. :)
නිල් අහසට නිල කොයින්ද
ඒ අහසෙම තරු කොයින්ද
එහෙම අහන මගේ දෝණිට
මේ නිල් තරු ඇස් කොයින්ද?
ඕක හරිම ලස්සන සින්දුවක්. තිබුනේ "නිල් අහස" කියන ටෙලි නාට්ටියේ. නැලවිලි ගීයක් හැටියටත් හොඳයි. අහල බලන්නකෝ.
ප. ලි. - වැලේ වැල් නැතුව ඉද්දි සිංහල ප්ලගීන්ස් ගැන ඔත්තු දීපු සෙන්නටයි හරීටයි තෑන්ක්ස් හොඳේ. මට මොනවා වෙලාද කියලා අහපු දිනේෂ් මලයා, අසාර්, වී අයියා ඇතුළු හැමෝටමත් ස්තුතියි. මාස ගානකින් පෝස්ට් එකක් (වගේ එකක්) දාගත්තා. මක්කරන්නද ඉතින් පොඩ්ඩක් වැඩ අඩු වෙනකන් ඉඳලා නොලියපුවටත් එක්ක ලියන්න ඕනේ. කට්ටියගේ බ්ලොග් බලන්න බැරි වෙන්න ඇති ගොඩක් ඒවා. ඒකටත් සමාවෙන්න හොඳේ.
හසල - රාජාවලියත් ඉක්මනට ලියන්නම් :)